අපගේ දැක්ම
යහ පාලනය තුලින් කාර්යක්ෂවාවක් සැපයීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධනයක් තුලින් ජන ජීවිතය නංවාලීම.ක්‍රි.ව. 1505 දී වීදිය බණ්ඩාර කුමරු පාලින්දනුවර වෙසෙමින් පෘතුගීසීන්ට එරෙහිව සටන් සංවිධානය කළ බව ජනප්‍රවාදයේ කියැවේ. එකල පාලින්දනුවර ආරක්ෂාව සදහා අගල් හෙවත් ඇළවේලි කපා තිබූ ප්‍රදේශය අගලවත්ත නමින් හැඳින්වූ බවද ජනප්‍රවාදයේ දැක්වේ.අගලවත්ත නම සෑදීම පිළිබඳ තවත් කතාවකට අනුව කියවෙන්නේ හරක් ගාල්කර තබන ලද ස්ථානය හෙවත් ගාලවත්ත පසුකලෙක අගලවත්ත වු බවයි. ඵෙතිහාසික ලෙස වැදගත් හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ප්‍රදේශ තිබීම, ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පිහිටා තිබීම, තේ/ රබර්/ පොල් වැනි ප්‍රධාන අපනයන භෝග වගාව හා වී වගාවට සුදුසු භූමි ප්‍රදේශ පැවතීම, සංචාරකයන් ඇදගන්නා සුන්දර දියඇලිවලින් සමන්විත වීම නිසා අගලවත්ත ප්‍රදේශීය කොට්ඨාශය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයක් ඉසිලීමට හේතු වී ඇත. ශ්‍රී ලංකාවේ රබර් පර්යේෂණායතනය අගලවත්ත කොට්ඨාශයේ පිහිටා තිබීම මගින් ඒ ආශ්‍රිතව ප්‍රදේශයේ ජනතාවගේ රැකියා ගැටළුව විශාල ලෙස විසදී ඇත. එමෙන්ම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සලසා දෙන ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් මෙම කොට්ඨාසයේ පිහිටා ඇත.
අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටීම
බස්නාහිර පළාත පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත. එනම් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය,ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය, කළුතර පරිපාලන දිස්ත්‍රික්කයන් ය.කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණන 14 කි. ඉන් එක් කොට්ඨාශයක් ලෙස අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හැඳින්විය හැකිය. කළුතර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,606 කි. එමගින් වර්ග කිලෝ මීටර් 91 (හෙක්ටයාර් 9109) ක පමණ විශාලත්වයකින් යුත් භූමි භාගයක් අගලවත්ත කොට්ඨාශයට අයත්වේ. මෙහි නිරපේක්ෂ පිහිටීම උතුරු ඛණ්ඩාංක කිලෝමීටර් 137-154 අතරද නැගෙනහිර ඛණ්ඩාංක කිලෝමීටර් 129-142 අතර වේ. උතුරින් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, නැගෙනහිරින් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, දකුණින් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, බටහිරින් මතුගම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයටත් මායිම්ව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් ගණන 34 කි. ගම් කාණ්ඩ ගණන 138 ක් පමණ වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු ජනගහනය 40654 ක් පමණ වේ.
| නම | සිට | දක්වා |














